Friday, December 27, 2024
Homeදේශපාලනශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට ඇමරිකාවේ සහාය

ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට ඇමරිකාවේ සහාය

අ‍මෙරිකානු එක්සත් ජනපදයේ තානාපතිය ජූලි චන්ග් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත අතර විශේෂ හමුවක් අද (18) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

මෙහිදී කෘෂිකර්මාන්තය නඟා සිටුවීම සහ දේශීය ගොවියාගේ ආර්ථිකය නඟා සිටුවීම සඳහා අවශ්‍ය ඇමරිකානු සහාය ලබාගත හැකි ආකාරය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති බවයි සඳහන් වෙන්නේ.

​අමාත්‍යවරයා මෙහිදී දේශීය නිෂ්පාදන සඳහා අවශ්‍ය විදේශ වෙළඳපොළ සොයාගැනීම, දේශීය ගොවි සමාගම් සංකල්පය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය සහාය ලබාගැනීම මෙන්ම වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ උපදේශක සහාය ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.

එසේම දේශීය කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට හා දේශීය ගොවි සමාගම් සඳහා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහාය ලබා ගැනීම කෙරෙහිද මෙහිදී අවධානය යොමු වුණ බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

මෙම අවස්ථාවට එක්වෙමින් ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ පොල් කිරි හා පොල් ආශ්‍රිත නිෂ්පාදන නවීකරණයට අවශ්‍ය සහාය ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments