Sunday, February 15, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා තෙවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද..

ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා තෙවන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද..

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණදෙන තුන්වැනි තරගය අද (16) පැවැත්වෙයි. 

ඒ ඔස්ට්‍රේලියාව සමගයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක දසුන් ශානක ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබෙන්නේ කුසල් මෙන්ඩිස්ටයි.

දසුන් ශානක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙන්නේ චාමික කරුණාරත්නයි. 

ඉන්දියාවේ, ලක්නව්හිදි පැවැත්වෙන අද තරගය මෙරට වෙලාවෙන් පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments