Friday, January 16, 2026
Homeදේශීයශ්‍රී ලංකා - ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වසන්ත සමරසිංහ

ශ්‍රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති වසන්ත සමරසිංහ

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා, දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා – ඕමාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත්ව තිබේ.

සංගමය නැවත පිහිටුවීම කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි. ඕමාන තානාපති අහමඩ් අලි සයිඩ් අල්රාෂිඩි, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද අවස්ථාවට සහභාගී වූහ.

අජිත් පී. පෙරේරා මහතා සංගමයේ ලේකම් ධුරයට, චතුරි ගංගානි මහත්මිය භාණ්ඩාගාරික ධුරයට තේරී පත්ව ඇත.

මෙම හමුවේදී, ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් පුළුල් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇති අතර, සංචාරක, වෙළඳාම, ශ්‍රමය සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා සිදු වී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments