Sunday, December 21, 2025
Homeදේශීයශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 දා

ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 දා

මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 15 වැනි ඉරිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
2023 සඳහා වන මෙම විභාගය මධ්‍යස්ථාන 2888කදී පැවැත්වෙන අතර විභාගය සඳහා අපේක්ෂකයන් 337,956ක් පමණ පෙනී සිටියි.


විභාගය පැවැත්වෙන දින උදෑසන 9.30 සිට උදෑසන 10.45 දක්වා බහුවර්ණ හා කෙටි පිළිතුරු සැපයීමේ ප්‍රශ්න 60කින් යුක්ත දෙවැනි ප්‍රශ්න පත්‍රය ද උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා වරණ තුනකින් සමන්විත බහුවර්ණ ප්‍රශ්න 40කින් යුක්ත පළමුවැනි ප්‍රශ්න පත්‍රය ද පැවැත්වේ.


මෙම විභාගය සඳහා අයැදුම් කළ විභාග අපේක්ෂකයන්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසලේ විදුහල්පති වෙත තැපැල් මඟින් මේ වන විට යවා ඇත.


මෙතෙක් පැමිණීමේ ලේඛනය ලැබී නැති පාසල්වල විදුහල්පතිවරුන්ට එම ලේඛනය https://onlineexams.gov.lk/eic සබැඳිය ඔස්සේ ලබාගත හැකිය.


විභාගය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික දුරකතන අංකය හෝ 011-2784208, 011-2784537, 011-2786616 දුරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments