මෙම වසරේ මේ දක්වා දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව මිලියන 2.25 ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජනවාරි 01 සිට දෙසැම්බර් 21 දක්වා කාලය තුළ සංචාරකයින් 2,258,202ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කරයි.
ඒ අතර වැඩිම සංඛ්‍යාවක් ඉන්දීය ජාතිකයින් වන අතර ඔවුන්ගේ ගණන 510,133ක් ලෙස වාර්තා වෙයි.
එමෙන්ම බ්‍රිතාන්‍ය ජාතිකයින් 204,703 දෙනෙකු, ජර්මානු ජාතිකයින් 141,941 දෙනෙකු සහ චීන ජාතිකයින් 129,403 දෙනෙකු ද මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.
ඊට අමතරව ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය ඇතුළු රටවලින් ද විශාල සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
දෙසැම්බර් මාසයේ පළමු දින 21 තුළ පමණක් සංචාරකයින් 154,609 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවද සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

