Saturday, April 26, 2025
Homeසියලුම පුවත්සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්

සජබ සභාපතිකම යළි බාර ගන්න ඉම්තියාස් සූදානම්

ඉම්තියාස් බාකීර් මාකාර් සමගි ජන බලවේග පක්ෂ සභාපතිකමේ වගකීම ඉටුකිරීමට නුදුරේදීම කැමැත්ත පළ කරනු ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘ඉරිදා මව්බිම’ට පැවසීය.

සමගි ජන බලවේග පක්ෂ මහා සම්මේලනය පසුගිය 2 වන දා පැවැති අවස්ථාවේ විපක්ෂ නායක, සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස පක්ෂ සභාපතිකමට ඉම්තියාස්ව නම් කළ බව ත් ඒ අනුව එම තනතුර යළි භාර ගැනීමට ඔහු සූදානම් බව ත් එම සමගි ජන බලවේග ජ්‍යෙෂ්ඨයා කීය.

පක්ෂ සභාපති ධූරයෙන් සහ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වයෙන් ඉවත් වන බවට දැනුම් දෙමින් ඉම්තියාස් බාකීර් මාකාර් සජබ පක්ෂ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ලේකම්වරයා වෙත පසුගිය මාර්තු මස 18 වන දා ලිපියක් යොමුකර තිබිණි.

පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා යන මහත්වරුන් වෙත ද එම ලිපියේ පිටපත් මගින් බාකීර් මාකාර් තම තීරණය ගැන දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ඊට ප්‍රතිචාර ලෙස පැවසුවේ බාකීර් මාකාර්ගේ අස්වීම භාර නොගන්නා බව ය.

සමගි ජන බලවේගයේ දුර්වලතා මඟහැර ශක්තිමත් පක්ෂයක් ලෙසින් ඉදිරියට යෑම සඳහා එම කඳවුර පිළිබඳ හසල අත්දැකීමක් ඇති බාකීර් මාකාර්ගේ නායකත්වය අත්‍යවශ්‍ය බවට සමගි ජන බලවේගයේ නායකයන් කීප දෙනෙකුම මාධ්‍යට අදහස් දක්වා තිබිණි.

බාකීර් මාකාර් සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වූයේ නැත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments