Friday, January 23, 2026
Homeදේශපාලනසජිත් ප්‍රේමදාස මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය අතර...

සජිත් ප්‍රේමදාස මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය අතර හමුවක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඔනීල් මහත්මිය අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්විණි.

මේ අර්බුදකාරී අවස්ථාවේ ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය සහ ශක්තිය පිලිබදව සිය ස්තූතිය පුදකළ විපක්ෂ නායකතුමා ඕස්ට්‍රේලියාව ශ්‍රීලංකාවේ දීර්ඝකාලීන කළණ මිතුරෙකු බවද සිහිපත් කළේය.

පවත්නා තත්ත්වයෙන් ගොඩ ඒම උදෙසා ශ්‍රී ලංකාව වෙත තවදුරටත් සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා විශේෂයෙන්ම ලංකාවේ සෞඛ්‍ය ක්ශේත්‍රයේ පවත්නා අවශ්‍යතාවයන් පිලිබදව ද ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරියගේ අවධානයට යොමු කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments