Saturday, January 17, 2026
Homeවිදේශීයසයිප්‍රසයේ භූ කම්පනයක්

සයිප්‍රසයේ භූ කම්පනයක්

නිරිත දිග සයිප්‍රසයේ වෙරළබඩ නගර පැෆොස් සිට කිලෝමීටර් 16ක් ක් පමණ ඊසාන දෙසින් භූමිකම්පාවක් සිදුව තිබේ.

යුරෝපීය-මධ්‍යධරණී භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය වාර්තා කළේ, එරට වේලාවෙන් (12) උදෑසන 09.31 ට රික්ටර් මිනුමේ 5.7 ක් වූ භූමිකම්පාවක් ඇති වූ බවත්, එහි අපිකේන්ද්‍රය කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් පිහිටා ඇති බවත්ය.

මෙම භූ කම්පනය උතුරු ඊශ්‍රායලයේ ජනතාවටද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත්, සුනාමි තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments