Thursday, November 13, 2025
Homeweatherweatherසවස 1න් පසුව තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

සවස 1න් පසුව තද වැසි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

ඌව, දකුණු, සබරගමුව, මධ්‍යම පළාත්වල සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේද වැසි ඇතිවීමේ හැකියාව තිබෙන අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ අම්පාර දිස්ත්‍රික්කවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද පවතිනු ඇත.

කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං සහ අකුණු නිසා සිදුවන අනතුරු අවම කිරීම සඳහා ජනතාව ප්‍රවේශමෙන් හැසිරිය යුතු බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments