Friday, January 23, 2026
Homeදේශීයසිකුරාදා පැය 2ක් ඩෙංගු මර්දනයට

සිකුරාදා පැය 2ක් ඩෙංගු මර්දනයට

අද(26) සිට සෑම සිකුරාදාවකම ඩෙංගු මර්දනය සඳහා සෑම රාජ්‍ය ආයතනයක්ම පැය 2ක කාලයක් වෙන් කිරීමට පියවර ගත යුතු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දැනුම් දෙයි. 

එහි ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ, ඒ සඳහා උපදෙස් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බවයි.

ඒ සඳහා වන චක්‍රලේඛයක්ද නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යංශ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසුවේ, ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අධි අවදානම් ප්‍රදේශවල රෝග නිවාරණ කටයුතු සම්බන්ධීකරණය සඳහා පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණයෙන් විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි.

 වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 37209 ක් මෙරටින් හඳුනා ගෙන තිබේ.  

ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් රෝගීන් 18,420 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 61 ක තවදුරටත් ඩෙංගු අධිඅවදානම් තත්ත්වයේ පවතින බව එම ඒකකය ප්‍රකාශ කළේ ය. 

RELATED ARTICLES

Most Popular

Recent Comments