Monday, October 27, 2025
Homeදේශීයසිපෙට්කෝ ලිහිසි තෙල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භයි

සිපෙට්කෝ ලිහිසි තෙල් බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භයි

ධීවර ප්‍රජාවට සහනයක් ලබාදීමේ අරමුණින් “සිපෙට්කෝ” සමාගම විසින් ගුණාත්මක ලිහිසි තෙල් ධීවර වරායන් ආශ්‍රිතව බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් අද (27) දින ආරම්භ කරන ලදී.

ලංකා ඛණිජ තෙල් සංස්ථාව සහ ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙල අනුව ධීවර යාත්‍රාවලට අවශ්‍ය අමෙරිකානු තත්ත්ව සහතික ලත් ලිහිසි තෙල් ධීවර වරායන් පරිශ්‍රයෙන්ම මිලදී ගැනීමට හැකි වේ.

මෙහි පළමු අදියර දික්ඕවිට ධීවර වරායෙන් ආරම්භ වූ අතර, ඉදිරියේදී රට පුරා පිහිටි ධීවර වරායන් 25කට විශාල කිරීමේ සැලැස්මක්ද ඇත. එහිදී බහුදින ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය තෙල් ලබාදීම ධීවර ප්‍රජාවට විශේෂ සහනයක් ලෙස සැලකේ.

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි හා ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් යන අමාත්‍යවරුන් ප්‍රධානත්වය දක්වමින් දික්ඕවිට ධීවර වරාය පරිශ්‍රයේදී සහභාගී වූහ.

ඒ අවස්ථාවේදී අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ, රජයේ ආයතන මඟින් ලැබෙන ලාභය ජනතාවට සහන ලෙස ලබාදීම සහ යටිතල පහසුකම් වර්ධනයට යොදවීම රජයේ අරමුණ බවයි.

තවද ධීවර භූමිතෙල් සහනාධාරය නිශ්චිතවම ධීවරයාටම ලැබෙන පද්ධතියක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමටද සහ ඒ හා සම්බන්ධ අයතා ගනුදෙනු වලක්වා ගැනීමටද වැඩපිළිවෙලක් සකස් කරන බවද ඔහු පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ, “සිපෙට්කෝ” විසින් නිෂ්පාදනය කරන ලිහිසි තෙල් නිෂ්පාදන අන්තර්ජාතික තත්ත්ව සහතික ලබා ඇති අතර ඒවායේ ගුණාත්මකභාවය තහවුරු වී ඇති නිසා ධීවරයන් සහ අනෙකුත් වාහන හිමියන් ඒවා භාවිතා කිරීමට විශ්වාසයෙන් ඉදිරියට යා හැකි බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments