Sunday, December 21, 2025
Homeදේශීයසියලුම වාහන ආනයනයට සැරසෙයි

සියලුම වාහන ආනයනයට සැරසෙයි

පුර්ණ ලෙස සියලු වාහන ආනයනය කිරීමට අවසර ලබාදීම සඳහා වු ප්‍රතිපත්ති මේ වනවිට සම්පාදනය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අදාළ ප්‍රතිපත්ති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාහන ආනයනය කිරිම සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා,

“වාහන ආනයනය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා. විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය තුළ විශාල වශයෙන් සාකච්ඡා පවතිනවා. පොදු සහ ප්‍රවාහන කටයුතු, සංචාරක කටයුතු සඳහා අවශ්‍ය වාහන ගෙන්වන්න පසුගිය කාලයේ අවසර දෙනවා කියලා කිව්වා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිය මේ වෙනකොට හදන්න කටයුතු කරලා තිබෙනවා.” 

RELATED ARTICLES

Most Popular

Recent Comments