Saturday, January 31, 2026
Homeදේශපාලනසිරගත කොට සිටින තරුණ අරගලකරුවන් බලන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැලිකඩ යයි

සිරගත කොට සිටින තරුණ අරගලකරුවන් බලන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැලිකඩ යයි

මිලේච්ඡත්වය ප්‍රචණ්ඩත්වය නිර්මාණය කළ රාජපක්ෂලා සහ පිරිස අද නිදහසේ සිටින බවත්, මේ රටේ ජනතාවට යහපත් හෙටක් වෙනුවෙන් අරගල කළ පිරිස් අද සිරගත කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ මේ වන විට වනවිට අත්අඩංගුවට ගෙන සිටින අරගලයට සම්බන්ධ තරුණ පිරිස බැලීමට ඊයේ (26) වැලිකඩ බන්ධනාගාරයට ගොස් එන අතරතුර ය.

අරගලයේ අරමුණු අදටත් ජීවමාන බවත් සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය එකී අරමුණු සමග නොවෙනස්ව සිටින බවත් විපක්ෂ නායකතුමා පැවසීය. මිලේච්ඡ රාජපක්ෂ වාදයත්,රාජ්‍ය ත්‍රස්තවාදයත්, යන දෙකම ප්‍රතික්ෂේප කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, රාජපක්ෂලාගේ සහභාගීත්වය ඇති කිසිම ආණ්ඩුවක කොටස්කරුවන් වන්නේ නැති බව ද පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments