Saturday, April 26, 2025
Homeදේශීයසිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අදින් ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

අනතුරුව හෙට (19) දින සිට 27 වන දින දක්වා සෑම දිනකම දහවල් 12:00 සිට පස්වරු 5:30 දක්වා සිරි දළදා වන්දනාව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙහි සමාරම්භක අවස්ථාව අද දහවල් 12:30ට පමණ සිදුවන අතර ‍ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගීවීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ක්‍රිස්තු වර්ෂ 310දී පමණ ත්‍රිකුණාමලයේ අප්‍රකට වරායකින් ලංකාද්වීපයට වැඩම කරවූ දළදා වහන්සේ මෙරට රාජධානි කිහිපයක ගමන් මඟින් පසු වර්තමානයේ ඓතිහාසික සෙංකඩගල දළදා මැදුරේ දළදා වහන්සේ ලෝවාසි ජනීජනයාගේ වන්දනා මානයට පාත්‍ර වෙයි.

සිරි දළදා වන්දනාවේ පළමු දැක්ම අදට වසර 1715කට පෙර අනුරපුර කිත්සිරිමෙවන් මහරජු දවස දක්වා දිවෙන බව දාඨා වංශයේත්, පාහියන් චීන දේශාඨන වාර්තාවලත් සඳහන් ය.

මෑත කාලීන ඉතිහාසයේ, 1828, 1882, 1972, 1978, 1991, 1995, 2001, 2004 සහ අවසන් වරට 2009 වසරේදී සිරි දළදා වන්දනාව පැවැත්වුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments