Thursday, November 13, 2025
Homeදේශීයසීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධීවරයින් 14ක් අත්අඩංගුවට

සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධීවරයින් 14ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දිය ධීවරයින් 14 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනලතිව් දූපතට ආසන්න ප්‍රදේශයක සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසා තිබේ.

ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රාවද නාවික හමුදාව විසින් භාරයට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments