නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වූ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගෙන ඇත.
එහිදී Mercedes Benz Maybach, Audi A1, Fiat car වර්ගවල මෝටර් රථ 5ක් රේගුව විසින් සොයාගෙන තිබේ.
අදාළ මෝටර් රථ වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රේගු භාරයට ගෙන ඇත.
එක්සත් රාජධානියේ සිට වාහන අමතර කොටස් ගෙන්වන මුවාවෙන් මෙම රථ මෙරටට ගෙන්වා ඇති බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස රේගු භාරයට ගනු ලැබූ මෝටර්රථවල ඡායාරූප පහතින්.
https://photos.google.com/share/AF1QipNmj5FPac3jVo3qOmuXcyK_MD6az7WYHom2ewdMn_2xlGo722QBeMi7U03gAhkLIw?pli=1&key=NXdKRmZsY1NtLWM5dUtUaDgtSl9WdktXcEpLemxR