Friday, December 12, 2025
Homeweatherසුළි කුණාටුව ලංකාව ඉදිරියේ – අනතුරු ඇඟවීමක්

සුළි කුණාටුව ලංකාව ඉදිරියේ – අනතුරු ඇඟවීමක්

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය, මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී, ත්‍රීකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දිශාවට ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතිය ඉදිරියේ දීත් තවදුරටත් වර්ධනය වී 26 දින ගැඹුරු පීඩන අවපාතයක් ලෙස, 27 දින සුළි කුණාටුවක් ලෙස සහ 28 දින උදෑසන චණ්ඩ සුළි කුණාටුවක් ලෙස සංවර්ධනය වෙමින් ඉන්දියාවේ අද්‍රා වෙරළ තීරයට ගමන් කරනු ඇති බව පුරෝකථනය වේ.

ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු,
කන්කසන්තුරය – ත්‍රීකුණාමලය – මඩකලපුව වෙරළට ඔබ්බෙන් ඇති නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වළකින්න යනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලයි.

තවද, ගාල්ල – හම්බන්තොට – පොතුවිල් වෙරළට ඔබ්බෙන් ඇති නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතු කරන ජනතාව ද මෙම තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලෙසද දැනුම් දෙනු ලබයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments