Thursday, February 12, 2026
Homeසියලුම පුවත්සෙවණගලදී අනාරක්ෂි​ත විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට

සෙවණගලදී අනාරක්ෂි​ත විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට

සෙවණගලදී අනාරක්ෂි​ත විදුලි රැහැනක ගැටී පුද්ගලයෙක් මරුට

අනාරක්ෂිත ලෙස නිවසක ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (06) දහවල් කාලයේදී සෙව​ණගල පොලිස් වසමේ නෙලුම්වැව ප්‍රදේශයේදී මෙම සිද්ධිය ඇතිවී තිබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

අසනීප තත්ත්වයෙන් එක්තැන් වී සිටින‍ මවට දිවා ආහාරය ලබාදීම සඳහා එම නිවසට ගිය අවස්ථාවේදී, නිවස තුළට සුනඛයන් පැමිණීම වැළැක්වීම සඳහා ඔහුගේ පියා විසින් නිවස තුළ අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණය සිදුවී ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී තිබෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 31 ක් වූ නෙලුම්වැව, සමගිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments