Thursday, January 15, 2026
Homeසියලුම පුවත්සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවන වගන්තියේ යටතේ ජනාධිපතිවරයා වෙත පැවැරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව මීට පෙර නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය තවදුරටත් දීර්ඝ වනු ඇති.

විදුලිබල සැපයීම සම්බන්ධව සියලු සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.

ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ද ඒ අතර වන බව සඳහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සම ප්‍රතිකාර කිරීම සම්බන්ධවදක අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය මෙලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇති බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments