Saturday, January 31, 2026
Homeදේශීයහදිසියේ ආරම්භ කල දුම්රිය වර්ජනය නිසා ගමන්වාර 40ක් අවලංගුයි

හදිසියේ ආරම්භ කල දුම්රිය වර්ජනය නිසා ගමන්වාර 40ක් අවලංගුයි

කොටුව, මරදාන, කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානවල දුම්රිය කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත්වී වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නියැලී සිටිති.

මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටී.

ඉන්ධන ඉල්ලමින් මෙම සේවකයන් දුම්රිය වර්ජනයක නිරත වන අතර දුම්රිය එළියට ගැනීම සහ ඇතුල්කිරීම නතර කර තිබේ.

කෙසේ නමුත් අදාළ වර්ජනය හේතුවෙන් අද පස්වරු 3.00 පමණ වන විට දුම්රිය ගමන්වාර 40 ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම සේවකයින් වර්ජනය අත්නොහැරිය හොත් රාත්‍රී 10.00 පමණ විට අවලංගු වන වන ගමන්වාර සංඛ්‍යාව 140 ක් දක්වා ඉහළ යන බවත් රාත්‍රී වන විට වර්ජනය අවසන් වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments