හම්බන්තොට දිස්ත්‍රික්කයේ උග්‍ර පානීය ජල ගැටළු පවතින ප්‍රදේශ සඳහා තිරසාර විසඳුම් ලබාදීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතාගේ සහභාගීත්වයෙන් හම්බන්තොට ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ ප්‍රාදේශීය සහන සේවා මධ්‍යස්ථානයේදී පැවැත්වුණා.
පානීය ජල සැපයුමේ වත්මන් තත්ත්වය, පවතින අර්බුධ, ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ධාරිතාව ඉහළ නැංවීම සහ මෙම වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘති පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා.
ඊට අමතරව මැති ඇමතිවරු සහ නිලධාරීන් ප්‍රදේශයේ ජල සම්පාදන ව්‍යාපෘති නිරීක්ෂණයක ද නිරත වුණා.

