Monday, December 22, 2025
Homeවිදේශීයහමාස් ප්‍රහාරයට පෙර ඊජිප්තුව ඊශ්‍රායලයට අනතුරු ඇඟෙවුවා ද?

හමාස් ප්‍රහාරයට පෙර ඊජිප්තුව ඊශ්‍රායලයට අනතුරු ඇඟෙවුවා ද?

හමාස් ප්‍රහාරයට දින කිහිපයකට පෙර ඊජිප්තුව විසින් ඊශ්‍රායලයට අනතුරු ඇඟවූ බව එක්සත් ජනපද‍ය පවසයි.

එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ සභාපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ ප්‍රධානී Michael McCaul ද මේ පිළිබඳ සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සඳහන් කර තිබේ.

ඊශ්‍රායලයේ වසර 75ක ඉතිහාසය තුළ පලස්තීන සටන්කාමීන් ගේ මෙම මාරාන්තික ප්‍රහාරය වැළැක්වීමට ඊශ්‍රායල බුද්ධි අංශ අපොහොසත් වීම සම්බන්ධයෙන් ජගත් අවධානය දැඩි ව යොමු ව තිබීම විශේෂත්වයකි.

AFP පුවත් ඒජන්සියට අනුව, “මෙවැනි සිදුවීමක් සිදු විය හැකි බවට ඊජිප්තුව දින තුනකට පෙර ඊශ්‍රායල්වරුන්ට අනතුරු අඟවා ඇති බව අපි දනිමු” යනුවෙන් Michael McCaul මැදපෙරදිග අර්බුදය පිළිබඳ නීති සම්පාදකයන් සඳහා වූ සංවෘත රහස් බුද්ධි සාකච්ඡාවකින් පසු ව වාර්තාකරුවන්ට පවසා තිබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments