Wednesday, March 25, 2026
Homeදේශීයහර්ෂණ රාජකරුණා විසින් මාර්ගගත සුරක්ෂිතභාවය පනත සංශෝධනයට පෞද්ගලික පනත් කෙටුම්පතක්

හර්ෂණ රාජකරුණා විසින් මාර්ගගත සුරක්ෂිතභාවය පනත සංශෝධනයට පෞද්ගලික පනත් කෙටුම්පතක්

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ අංක 9/2024 දරන පනත සංශෝධනය කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාර දී තිබේ.

ඊයේ (05) දිනයේදී මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු මහලේකම් කුෂානි සේනාධීර මහත්මිය වෙත භාරදුන් බව සඳහන්ය.

මෙම සංශෝධන මඟින් සමාජ මාධ්‍ය වේදිකා තුළ ළමුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රධාන අරමුණ ලෙස දැක්වෙයි.

ළමුන්ගේ සමාජ මාධ්‍ය පිවිසීම, ළමුන් ඉලක්ක කරගත් දැන්වීම්කරණය, සහ මාර්ගගත අන්තර්ගත පාලනය සම්බන්ධ නව ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත තුළ ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments