පසුගිය මහ මැතිවරණ සමයේ මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුව සඳහා හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (06) පෙරවරුවේ අධිකරණය හමුවේ පෙනී සිටියේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී බදුල්ල මහෙස්ත්‍රාත් උදිත් ගුණතිලක මහතා විසින් එම නඩුව මැයි මස 05 වැනිදාට නැවත කැඳවීමට නියෝග කළේය.
මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු අවසන් වීමට තිබූ දින දහවල් බදුල්ල නගරයේදී මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් පෙළපාලියක ගමන් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට, පසුගිය වසරේ නොවැම්බර් 20 වැනිදා බදුල්ල මූලස්ථාන පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදී හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ අනුව ඔහු එදින බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදාහැර ඇති බවද වාර්තා වෙයි.

