Saturday, December 13, 2025
Homeදේශීයහානියට පත් කෘෂිකාර්මික භූමි යථා තත්ත්වයට

හානියට පත් කෘෂිකාර්මික භූමි යථා තත්ත්වයට

‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වී ඇති කුඹුරු වලින් වැලි සහ වැලි මිශ්‍ර පස් ඉවත් කිරීමට මහවැලි අධිකාරිය අවසර ලබා දී තිබේ.

මෙම වැඩපිළිවෙළ පොළොන්නරුව, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල, මඩකලපුව, මාතලේ, වව්නියාව, මුලතිව්, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල කුඹුරු වලට අදාල වේ.

වැලි ඉවත් කළ පසු එය ගොවි භූමියට හෝ අවසර ලත් වෙනත් භූමියකට ප්‍රවාහනය කර, ගොවීන්ට නැවත වගා කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබේ.

මහවැලි අධිකාරියට අයත් නොවන බිම්වල තිබෙන වැලි සහ පස් ඉවත් කිරීමටද අවසර ලබා දී ඇති අතර, වාණිජ භාවිතය සඳහා අවසරය නැවත ලබා ගැනීම අනිවාර්යය බව කාර්යාංශය දන්වා ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments