Saturday, December 13, 2025
Homeදේශීයහානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් යථා තත්ත්වයට

හානි වූ ජල සැපයුම් පද්ධතිවලින් 90%ක් යථා තත්ත්වයට

ආපදා තත්ත්වයෙන් අක්‍රිය වූ ජල සැපයුම් පද්ධතිවලින් සියයට 90ක් පමණ මේ වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වූ බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි.

ආපදාව හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන 343 අතරින් 156ක්ම අක්‍රිය වී තිබුණද, සේවකයින්ගේ කැපවීම හේතුවෙන් බොහෝ ප්‍රදේශවල ජල සැපයුම නැවත පවත්වා ගැනීමට හැකිවීය.

විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ජල සම්පාදන කටයුතුවල සම්පූර්ණයෙන්ම බාධාවක් ඇති වූ බව අමාත්‍යවරයා සදහන් කළේය. එහෙත් සේවකයින් බෝට්ටු භාවිතයෙන්, ජලයේ ගිලී, අවදානම් ස්ථානවලට ළඟා වී අඛණ්ඩ සේවය කල බැවින් මේ ප්‍රගතිය සම්පූර්ණ කරගැනීමට හැකි වීම විශේෂ කරුණක් බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවද ත්‍රිවිධ හමුදාව, විදුලිබල මණ්ඩලය සහ ස්වේච්ඡා සංවිධාන වැනි අයගේ දායකත්වයද මේ සඳහා මහත් පරිමාණයකින් ඇතිවූ බව අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments