හෑෂ් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකාරියක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් බොරලැස්ගමුව, නිර්මල මාවත ප්‍රදේශයේදී ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පොලිස් කණ්ඩායම සිදුකළ වැටලීමකදී, නිවාස සංකීර්ණයක තාවකාලිකව පදිංචිව සිටි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
එහිදී ඇය සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 17ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් සොයාගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට අධික බව සඳහන් වේ.
සැකකාරිය වයස අවුරුදු 31ක් වන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඇය වරෙන්තු 04ක් නිකුත් වී ඇති සැකකාරියක් බවය.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

