Tuesday, October 28, 2025
Homeව්‍යාපාරිකහිඟ වාරික කෝටි දෙදහසකට අයකර ගැනීමට බැංකු අසමත්වෙයි

හිඟ වාරික කෝටි දෙදහසකට අයකර ගැනීමට බැංකු අසමත්වෙයි

බැංකු හා ෆිනැන්ස් ආයතනවලට වාහන සහ වෙනත් දේපළ සම්බන්ධයෙන් හිඟ ණය සහ ලීසිං වාරික දළ වශයෙන් කෝටි 2000 කට වැඩි මුදලක් අයකර ගැනීමට නොහැකිවී පවතින බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ පවසයි.

ණය හෝ ලීසිං වාරික තිහක් හෝ ඊට වැඩියෙන් ගෙවීම පැහැර හැරි ඇති පුද්ගලයන් රැසක් විවිධ ප්‍රදේශවලින් හමු වී ඇති බවද ඔහු සඳහන් කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ලියනගේ පෙන්වා දෙනුයේ මෙම හිඟ වාරික අයකර ගැනීමේ ක්‍රියාවලිය අතපසු වන්නේ රජයේ බැංකු සහ මූල්‍ය ආයතන කඩා වැටීමටද අවදානමක් බවයි. එසේ නම් රට සංවර්ධන මාවතේ ඉදිරියට ගමන් කිරීම බාධාකාරී තත්ත්වයකට පත්වන බවත් ඔහු අවධාරණය කරයි.

දේපළ අත්පත් කර ගැනීම පිළිබඳ නීත්‍යානුකූලව ලියාපදිංචි වූ සංගම්වලට මේ කටයුතු සම්මත ක්‍රමලේඛ අනුව සිදු කිරීමට අවසර ලබා දිය යුතු බව ඔහු කියයි.

මෙම අවස්ථාවට වැඩිදුර අදහස් දැක්වූ ප්‍රියන්ත ලියනගේ මේ බවද එක් කළේය:

“රටේ මූල්‍ය පද්ධතිය රඳා පවතින්නේ ණය වාරික නිසිලෙස අයකර ගැනීමේ සාර්ථකත්වය මතය. අපි නීත්‍යානුකූල සංගමයක්. අපේ නිලධාරීන් විනය ගරුකයි. අපට කටයුතු කිරීම සඳහා බාධාවක් නොමැතිව ඉඩ ලබා දෙන්නැයි පොලිස්පතිතුමාගෙන් අපි ඉල්ලීමක් කරනවා.

දේපළ අත්පත් කර ගැනීම පිළිබඳ පැමිණිලි සුමට ලෙස බාරගෙන ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොවන්නේ නම් අපටද අධිකරණය වෙත යාමට බලය ඇත. නීතිඥයෙකු ලෙස පෙනී සිටින ව්‍යාජ පුද්ගලයෙක් පොලිසියට ගොස් මෙම ක්‍රියාවලියට බාධා කරමින් සිටිනවා. ඔහු නීතිඥයෙකු නොවන බව නීතිඥ සංගමය පවා අපට දැනුම් දී ඇතිවා. ණය නොගෙවන අය වෙනුවෙන් පෙනී සිටිමින් මූල්‍ය ආයතන විනාශ කිරීම ඔහුගේ අරමුණයි.

ජනතාව එවැනි අබද්ධයකට රැවටෙන්නේ නැති ලෙස අපි අවවාද කරමු. යමෙක් තම වාරික ගෙවීම් සම්බන්ධයෙන් ගැටළුවක් මුහුණදෙන්නේ නම් අප සංගමය අමතන්න. අපි නොමිලේ උපකාර කිරීමට සූදානම්. බොරුකාරයන්ට රැවටෙන්න එපා යන්නයි අපි නැවතත් කියන්නේ.”

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments