Saturday, January 17, 2026
Homeදේශීයහිටපු අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් ගිනි අවියක් සහ උණ්ඩ සමග සීඅයිඩී අත්අඩංගුවට

හිටපු අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් ගිනි අවියක් සහ උණ්ඩ සමග සීඅයිඩී අත්අඩංගුවට

කඩුවෙල වැලිවිට ප්‍රදේශයේදී විශ්‍රාමික අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයකු රයිෆල් වර්ගයේ ගිනි අවියක් සහ බෝර 12 වර්ගයේ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පවසයි.

සීඅයිඩී විශේෂ විමර්ශන අංශ 3ට ලැබූ තොරතුරක් අනුව සිදු කළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සන්තකයේ තිබී බෝර 12 උණ්ඩ 125ක් සහ අංක 407088 දරන රයිෆල් වර්ගයේ ගිනි අවියක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 61ක විශ්‍රාමික අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර්වරයකු වන අතර, ඔහු අද (13) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments