Monday, February 16, 2026
Homeදේශපාලනහිටපු ජනාධිපති මෛත්‍රිපාල ගොනුකළ පෙත්සමක් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල ගොනුකළ පෙත්සමක් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගොනුකර තිබෙන රිට් පෙත්සමක් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද (16) ඉවත් වුණි.

එම පෙත්සම අද පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී ඔහු මෙම දැනුම්දීම සිදු කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපතිවරයා විසින් එම පෙත්සම ගොනුකර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments