ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ (STC) හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා මහතාව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඔහුට එරෙහි චෝදනාව වනුයේ 2015 වසරේදී අනුමත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර සංස්ථාවට අවශ්‍යතාවයකින් තොරව තාවකාලික ගබඩා (කොකුන්) 50ක් ආනයනය කිරීමෙන් රුපියල් 99,679,799.70ක පාඩුවක් රජයට සිදු කරවීමත්, එම මුදලට සමාන වාසියක් පාර්ශ්විකයන්ට ලබාදීමත්ය.
අල්ලස් කොමිෂන් නිලධාරීන් විසින් අද (31) උදෑසන 8.30ට ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හිටපු STC සභාපති අල්ලස් චෝදනා වලට අත්අඩංගුවට

