Friday, April 10, 2026
Homeසියලුම පුවත්හෙටත් ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

හෙටත් ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්

ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල ජල මට්ටම පහළ බැසීම හේතුවෙන් හෙට (09) උදෑසන 8 සිට පස්වරු 8 දක්වා මත්තෙගොඩ, බ්‍රාහ්මණගම, කිරිගම්පමුණුව, දීපංගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ.
එමෙන්ම අද (08) රාත්‍රී 8 සිට හෙට උදෑසන 8 දක්වා හෝමාගම, ගොඩගම, අතුරුගිරිය, හොරගල, රනාල ඇතුළු ප්‍රදේශවලටද ජල කප්පාදුවක් ක්‍රියාත්මක වේ.
වියළි කාලගුණය හේතුවෙන් ජල මට්ටම් පහළ යාම මෙයට හේතු වී ඇති අතර, පසුගිය කාලයේ සිට ප්‍රදේශ රැසක ජල සැපයුම සීමා කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments