ගාල්ල සීනිගම තෙල්වල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 3කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙකු අද (8) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි නිලධාරීන්ට ලැබූ තොරතුරක් මත, පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් එක්ව සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුව සිදුවී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා ඔවුන් සමග තිබූ මත්ද්‍රව්‍ය පොලීසිය භාරයට ගෙන, පසුව නීතිමය ක්‍රියාමාර්ග සඳහා ගාල්ල මත්ද්‍රව්‍ය විරෝධී ඒකකයට හඳුන්වා දී තිබේ.
හෙරොයින් කිලෝ 3ක් සමග තිදෙනෙක් සීනිගමදී අත්අඩංගුවට

