Tuesday, January 27, 2026
Homeදේශීයහෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි

හෙළයේ ගීත කෝකිලාවිය කලාශූරී ලතා වල්පොල දිවි ගමනට සමුදෙයි

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලැබූ කලාශූරී ලතා වල්පොල මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඇය 92 වැනි වියේ පසුවුණි.

1934 වසරේ ගල්කිස්සේ උපත ලැබූ ලතා වල්පොල මහත්මිය 1946 වසරේදී එවක රේඩියෝ සිලෝන් හරහා වයස අවුරුදු 12ක් වූ දැරියක් ලෙස තම පළමු ගායනය ඉදිරිපත් කරමින් සංගීත ක්ෂේත්‍රයට පිවිසියාය.

දශක ගණනාවක් පුරා ගීත දස දහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇති ඇය, විදෙස් භාෂා ගීතවලින්ද සංගීතයට විශාල දායකත්වයක් ලබාදී තිබේ. එමෙන්ම සිනමාවේ සදාකාලික “ගී රාජිනිය” ලෙසද ඇය ප්‍රසිද්ධියට පත් විය.

1953 වසරේ “එදා රෑ” චිත්‍රපටයෙන් සිනමා පසුබිම් ගායනයට පිවිසි ලතා වල්පොල මහත්මිය, ඉන් පසු ගෙවුණු දශක කිහිපය තුළ චිත්‍රපටි 600කට අධික සංඛ්‍යාවකට තම හඬ දායකත්වය ලබාදී, ශ්‍රී ලාංකීය සංගීතයට අමරණීය සේවයක් කළාය.

RELATED ARTICLES

Most Popular

Recent Comments