Monday, January 5, 2026
Homeදේශීයහොරණ රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

හොරණ රබර් කර්මාන්ත ශාලාවක ගින්නක්

හොරණ වවුලගල ප්‍රදේශයේ රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්ත ශාලාවක අද (29) පෙරවරුවේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

මෙම ගින්නට හේතුව මෙතෙක් හෙළිව නොමැති අතර, හොරණ ගිනි නිවීමේ ඒකකය, කර්මාන්ත ශාලා සේවකයින් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළේය.

ගින්නෙන් සිදුවූ හානිය පිළිබඳව මේ වනවිට තොරතුරු සෙවී පවතින අතර, තත්ත්වය පාලනය කිරීමට අදාළ කණ්ඩායම් සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් සිටින බවද වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments