Thursday, February 12, 2026
Homeදේශීයෆෝන් ආරවුල මරණයෙන් කෙළවර වෙයි

ෆෝන් ආරවුල මරණයෙන් කෙළවර වෙයි

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී 24 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (09) එම ඝාතනය සිදුකර ඇත්තේ, කොටහේන පොලිස් වසමේ ශ්‍රී ගුණානන්ද මාවත ට්‍රාන්ස්පෝමරය අසලදීය.

ඝාතනයට ලක්වූ තරුණයා මව, පියා හා නැගණිය සමග ශ්‍රී ගුණානන්ද මාවත ප්‍රදේශයේ පදිංචිව සිට ඇත.

ඊයේ මරණකරුගේ මිතුරෙකුගේ නිවසට පැමණි ඇති අතර පසුව දෙදෙනාම ඉහත සඳහන් ට්‍රාන්ස්පෝමරය අසලය ගොස් සිටියදී තවත් පුද්ගලයෙකු සමග ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවූ ඇත.

එහිදී සැකකරු විසින් මරණකරුගේ පිටට පිහියකින් ඇන ඇත.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments