Friday, February 13, 2026
Homeදේශීය019 වසරේ අප්‍රේල් මස 21 වැනිදාට යෙදුණු, පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ...

019 වසරේ අප්‍රේල් මස 21 වැනිදාට යෙදුණු, පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ මෙරට ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කරගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළා. මීට අමතර දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් වාර්තා වුණා.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 270ට අධික පිරිසක් මරණයට පත් වූ අතර තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල ලැබුවා.

මෙම අඳුරු මතකය සිහිපත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මුහුණුපොතට සටහනක් එක්කර තිබෙනවා.

ඒ, වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදී, යුක්තිය ඉටු වන තුරු අවදියෙන් පසුවන බව අවධාරණය කරමින්.

”පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයට වසර 6යි.
ප්‍රේමය වැපිරූ මිනිසුන්ගේ රුධිරය පොළොවට හෙලූ සියලු වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දෙමු. යුක්තිය ඉටු වන තුරු අපි අවදියෙන්

RELATED ARTICLES

Most Popular

Recent Comments