විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ, 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තමන්ගේ පැහැදිලි අපේක්ෂාව බවයි.
ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන විපක්ෂ නායකවරයා ඉන්දීය ලෝක කටයුතු පිළිබඳ කවුන්සිලය (ICWA) අමතමින් මේ බව ප්‍රකාශ කළේය.
නව දිල්ලියේ පැවති එම අවස්ථාවට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ විදේශ කටයුතු විශේෂඥයන් විශාල පිරිසක් සහභාගී වූ අතර,
විපක්ෂ නායකවරයා එහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ජනතා මට්ටමින් ඇති ගැඹුරු සබඳතා අවධාරණය කළේය.
ඔහු තවත් පැවසුවේ, දේශීය අයිතිවාසිකම් සහ ස්වයං පාලනය පදනම් කරගත් සාමය හා එක්සත්භාවය ඇති කිරීමට 13 වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක විය යුතු බව ය.
13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම තම අපේක්ෂාව බව සජිත් කියයි

