Tuesday, February 17, 2026
Homeදේශීය2025 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය අදින් ඇරඹෙයි

2025 වර්ෂයට අදාළ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වෙයි.

මෙවර විභාගයට අපේක්ෂකයින් 451,463 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර ඉන් 382,249 දෙනෙකු පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 69,214 දෙනෙකු ද ඇතුළත් වේ.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,545කදී විභාගය පැවැත්වෙන අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 531ක් සහ ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 33ක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

විභාගය උදෑසන 8.30ට ආරම්භ වන අතර සවස් වරුවේ විභාගය පස්වරු 1.30ට පැවැත්වේ. අපේක්ෂකයින් විභාග ආරම්භයට පැයකට පෙර මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය දැනුම්දී ඇත.

විභාග මධ්‍යස්ථාන වෙත ජංගම දුරකථන, බ්ලූටූත් උපකරණ, ස්මාර්ට් වොච් සහ සටහන් රැගෙන යාම තහනම් වන අතර සියලු අපේක්ෂකයින් තම අනන්‍යතා පත්‍රය රැගෙන පැමිණිය යුතු බවද අවධාරණය කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments