Homeසියලුම පුවත්2026 මැයි මාසයේදී ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළ යයි

2026 මැයි මාසයේදී ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළ යයි

මැද පෙරදිග පවතින යුදමය තත්ත්වය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් 2026 මැයි මාසයේදී ශ්‍රී ලංකාවේ පිරිපහදු කළ ඉන්ධන ආනයන වියදම දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, එම මාසයේදී ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 536ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 මැයි මාසයට සාපේක්ෂව සියයට 112ක වාර්ෂික වර්ධනයක් ලෙස වාර්තා වෙයි.
මහ බැංකු වාර්තාවට අනුව, මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ පිරිපහදු කළ ඛනිජතෙල් ආනයන වියදම ඉහළ යාමය. එය 2025දී ඩොලර් මිලියන 197.2ක් වූ අතර, 2026දී ඩොලර් මිලියන 418.7ක් දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම බොරතෙල් ආනයන වියදමද සියයට 70කට වැඩි වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් මිලියන 94.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවද වාර්තා වෙයි.
ගල්අඟුරු ආනයන වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, 2025දී ඩොලර් මිලියන 0.1ක් වූ එය 2026දී ඩොලර් මිලියන 22.4ක් දක්වා වැඩි වී ඇති බව මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත්, 2026 අප්‍රේල් මාසයට සාපේක්ෂව මැයි මාසයේ ඉන්ධන ආනයන වියදම සියයට 39.5කින් අඩු වී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments