2026 වසරට අදාළ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ වුණා.
අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ මුදල් අමාත්‍යවරයා ද වන ජනපති අනුර කුමාර දිසානායක විසින්.
ජනපතිවරයාගේ අයවැය ප්‍රකාශය පහතින්,
* වසරක් තුළ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කර ගැනීමට රජයට හැකිවුණා
* උද්ධමනය 5%ට අඩු මට්ටමක තබා ගැනීමට රජය උපරිම ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා
* ගෝලීය කම්පනයන් හමුවේ වුවද විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට හැකිවුණා
* ඉතිහාසයේ ඉහළම ප්‍රාථමික අතිරික්තය ලබන වසරේ සනිටුහන් වනු ඇති
* 2030 වසර වනවිට රාජ්‍ය ණය 87%ක් දක්වා අඩුකර ගැනීමට රජය අපේක්ෂා කරනවා
* ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වල පවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ධනාත්මක තත්ත්වයක්
* රාජ්‍ය සේවක වැටුප් මේ වනවිටත් අදියර 3කින් වැඩිකර තිබෙනවා
* දූෂණ විරෝධී වැඩසටහන මගින් ජනතා විශ්වාසය තහවුරු කර තිබෙනවා
* රාජ්‍ය මූල්‍ය කටයුතුවලට අදාළ ඩිජිටල් ප්‍රතිසංස්කරණ බොහෝ ක්ෂේත්‍රවල සිදුකර තිබෙනවා
* දූෂණය අවම කිරීම මගින් ආර්ථික වර්ධනය ඉහළ නංවාගත හැකියි
* 2026 වසරේදී අධිකරණ පද්ධතිය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා
* 2025 වසරේ අ.ඩො.මි 823ක සෘජු විදේශ ආයෝජන ලැබී තිබෙනවා
* දේශීය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා
* ක්‍රමෝපාය සංවර්ධන පනත සහ වරාය නගර පනත සංශෝධනය කරනවා
* SVAT අවලංගු කර බදු යළි ගෙවීමේ ක්‍රමය විධිමත් කර තිබෙනවා
* රාජ්‍ය වත්කම් අධීක්ෂණය සහ නියාමනය කළමනාකරණය කරනවා
* ඩිජිටල් වත්කම් ප්‍රකාශ කිරීමේ පද්ධතියක් හඳුන්වා දෙනවා
* 2026 දී රාජ්‍ය වත්කම් කළමනාකරණ පනත සංශෝධනය කරනවා
* බදු සහන ලබාදීම මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කරමින් විනිවිදභාවයක් ඇති කරනවා
* කුමන තනතුරක් දැරුවද වංචා දූෂණවල නිරත වී අපරාධ සිදුකළ පුද්ගලයින්ට දඬුවම් දෙනවා
* මුදල් විශුද්ධිකරණයට එරෙහි රාමුව 2026 දී ශක්තිමත් කරනවා
* අපනයන විවිධාංගීකරණය මගින් ඉහළ ආදායමක් අත් කර ගැනීම සහ නව නිදහස් වෙළෙඳ ගිවිසුම් සඳහා විශේෂඥ කමිටුවක්
* රාජ්‍ය වාණිජ ව්‍යාපාර පනත පාර්ලිමේන්තුවට ගෙන එනවා
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මගින් අපනයන තරගකාරී කිරීමට මෙන්ම ගෝලීය අගය දාම සමග සම්බන්ධ වීමට කටයුතු කරමින් තිබෙනවා
* නව තීරු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට ජාතික වෙළෙඳ කවුළුවක්
* අපනයන ආදායම මසකට ඩොලර් බිලියන 2 ඉක්මවා තිබෙනවා
* 2025 වසරේදී අ.ඩො.මිලියන 430කින් ආනයන වියදම ඉහළට
* අපේ ණය ප්‍රතිශතය 95%ක ඉලක්කයට දැනටමත් ළංවෙමින් තිබෙනවා
* ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ප්‍රගතිය අනුව සහන සැලසීමට ණය හිමියන් එකඟවී තිබෙනවා
* අපි දැනටමත් 2024ට සාපේක්ෂව 2025 දී ණය වැඩි පංගුවක් ගෙවා තිබෙනවා
* පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ විදේශ ණය සේවාකරණය අ.ඩො. මිලියන 760කින් ඉහළට
* ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම සඳහා සංවර්ධනයේ ප්‍රතිලාභ සෑම අයෙකුටම ලැබෙන වැඩසටහනක්
* මධ්‍ය කාලීනව 7%ක ආර්ථික වර්ධනයක් කරා අප ගමන් කරමින් සිටිනවා
* පුනරාවර්තන වියදම් ක්‍රමානුකූලව අඩුකරමින් ප්‍රාග්ධන වියදම් වැඩිකර ගත යුතුයි
* 2025 වසරේ මුල් කාර්තුවේ විරැකියාව 3.8% දක්වා අඩුවී තිබෙනවා
* 2025 වසරේ කොටස් වෙළෙඳපොළේ ඓතිහාසික වර්ධනයක්
* රාජ්‍ය ආයෝජන 4%කින් ඉහළ දැමීමට කටයුතු කරනවා
* මහජනතාවගේ බදු වගවීමකින් යුතුව කළමනාකරණය කරන බවට සහතික වෙනවා
* පසුගිය වසරට සාපේක්ෂව රාජ්‍ය ආදායම රුපියල් බිලියන 900කින් ඉහළ ගොස් තිබෙනවා
* සමාජ ආරක්ෂණ ජාලයේ වියදම් අවම වශයෙන් 4%ක පවත්වාගෙන යනවා
* වරප්‍රසාද වෙනුවට සාධාරණත්වය පදනම් කරගත් ආර්ථික ක්‍රමවේදයක්
* රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20%ක මට්ටමට ගෙන ඒම අරමුණයි
* සෘජු සහ වක්‍ර බදු අනුපාතය 60% – 40% අනුපාතයට ගෙන ඒමට කටයුතු කරනවා
* මෙවර අයවැය හිඟය 5.2% දක්වා අඩුවෙනවා
* ආයෝජන ආරක්ෂණ පනත 2026 වසරේ මුල් භාගයේදී සම්මත කරනවා
* ආයෝජන කලාප ආශ්‍රිත සේවා සඳහා තවත් රුපියල් බිලියන 1,000ක්
* විදේශීය ආයෝජකයන් සඳහා නේවාසික වීසා ක්‍රමවේදයක්
* ඉඩම් තොරතුරු ඇතුළත් මධ්‍යම ඩිජිටල් පද්ධතියක් වෙනුවෙන් රුපියල් මිලියන 100ක්
* ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සඳහා අමතර රුපියල් මිලියන 250ක්
* ජාතික තනි වෙළෙඳ කවුළුව ඇතුළුව ආයෝජන පහසුකම් සඳහා රුපියල් මිලියන 2,500ක්
* කර්මාන්ත කලාප සංවර්ධනය සඳහා අමතර රුපියල් මිලියන 1,000ක්
* ඇප රහිතව ව්‍යවසායකයින්ට ණය දීමට දුන් පොරොන්දුව ඉටු කර තිබෙනවා, ඒ සඳහා රුපියල් මිලියන 4,227ක ණයදී තිබෙනවා
* කෘෂිකර්ම අගයදාමයන් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1,700ක් වෙන්කර තිබෙනවා
* 2026 වසර සඳහා විවිධ ණය වෙනුවෙන් රුපියල් මිලියන 80,000ක්
* සොබාදහම කේන්ද්‍ර කරගත් සංචාරක සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 3,500ක්
* ඌන උපයෝජිත සංචාරක බංගලා පෞද්ගලික අංශයේ සහයෙන් ආදායම් උත්පාදනය කිරීමට යොදා ගන්නවා
* සංචාරක සහ හෝටල් ක්ෂේත්‍රයේ නිපුණතා සහිත පුද්ගලයින් බිහි කිරීම සඳහා කෙටි කාලීන වෘත්තිය පුහුණු පාඨමාලා ඇති කිරීමට රුපියල් මිලියන 500ක්
* අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රචලිත කිරීමට රුපියල් මිලියන 1,000ක්
* කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ලබන වසරේ යළි ආරම්භ කරනවා
* ඩිජිටල් ආර්ථික සංවර්ධනයට රුපියල් මිලියන 25,000ක්
* ඩිජිටල් ආර්ථික පනත යටතේ ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවනවා
* පළමු ඩිජිටල් හැඳුනුම්පත 2026 මාර්තු මාසයේදී නිකුත් කරනවා
* ඩිජිටල් රාජ්‍ය පරිවර්තනය සඳහා රුපියල් බිලියන 30ක්
* පර්යේෂණ සහ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 21ක්
* මාර්ගගත ක්‍රමය ඔස්සේ රාජ්‍ය ගෙවීම් සිදු කිරීමේදී සේවා ගාස්තු අය නොකිරීමට තීරණයක්
* රුපියල් 5,000ට වඩා අඩු QR කේත ගෙවීම්වලට කිසිදු අමතර ගාස්තුවක් අය නොකෙරේ
* කෘත්‍රිම බුද්ධි සේවා මධ්‍යස්ථාන සඳහා රුපියල් මිලියන 750ක්
* බ්‍රෝඩ්බෑන්ඩ් වවුචර අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල දරුවන්ට ලබාදීමට පියවර
* අලුත් දුරකථන කුළුණු 100ක් ස්ථාපනයට පියවර – ආයෝජකයින්ට බදු සහන
* නව පර්යේෂණ වාණිජකරණය සඳහා රුපියල් මිලියන 1,200ක්
* ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 6,500ක්
* විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ මෙහෙයුම සඳහා රුපියල් මිලියන 2,000ක්
* ආබාධිත ප්‍රජාවගේ දීමනා සඳහා රුපියල් මිලියන 19,000ක්
* පොදු ප්‍රවාහනයේ සනීපාරක්ෂක පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1,000ක්
* ආබාධිත ප්‍රජාවට පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමට රජයේ පාර්ශ්වයෙන් රුපියල් මිලියන 500ක්
* අස්වැසුම යටතේ සෑම දරුවෙකුටම අධ්‍යාපන ලිපි ද්‍රව්‍ය සඳහා රුපියල් 6,000ක දීමනාවක් ලබාදීමට රුපියල් මිලියන 9,000ක් වෙන් කෙරේ
* වෛද්‍ය පීඨ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 11,000ක්
* මහපොළ ශිෂ්‍යාධාර දීමනාව රුපියල් 2,500කින් ඉහළට – නව දීමනාව රුපියල් 10,000ක්
* ආබාධිත සහිත දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා රුපියල් 5,000ක මාසික දීමනාවක්
* ජාතික අධ්‍යාපන පීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව රුපියල් 2,500කින් ඉහළට
* වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම ඇතුළුව සමස්ත ක්ෂේත්‍රය සඳහා රුපියල් මිලියන 8,000ක්
* වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන 50ක් නවීකරණයට පියවර
* ප්‍රාථමික සෞඛ්‍ය සේවය වෙනුවෙන් ආරෝග්‍ය මධ්‍යස්ථාන ඇති කිරීමට පියවර
* මූලික රෝහල් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 31,000ක්
* ජාතික හෘද ඒකක ගොඩනැගිල්ල පිහිටුවීමට රුපියල් මිලියන 12,000ක්
* සුවසැරිය ගිලන් රථ සේවය සඳහා රුපියල් බිලියන 4.25ක්
* ප්‍රජා විද්‍යා සහ සෞඛ්‍ය සමීක්ෂණය වෙනුවෙන් රුපියල් මිලියන 570ක්
* දඹුල්ල සහ දෙණියාය ප්‍රාදේශීය රෝහල් නැවත ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 10,000ක්
* ප්‍රජා ශක්ති වැඩසටහනට රුපියල් මිලියන 25,000ක්
* වතු කම්කරු දෛනික අවම වැටුප රුපියල් 1,550ක් දක්වා ඉහළට – පැමිණීමේ දීමනාව රුපියල් 200ක්, එකතුව රුපියල් 1,750ක්
* වතු කම්කරුවන්ගේ වැටුප් සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන වෙන් කෙරේ
* මොණරාගල සහ අම්පාර නගරවල ශ්‍රවණාගාර පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 200ක්
* නින්දවූර් නගර සභා ගොඩනැගිල්ල සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 300ක්
* ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 24,000ක්
* ග්‍රාමීය පාලම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2,500ක්
* වැඩිහිටි ප්‍රජාව සමාජයේ සක්‍රීය පාර්ශ්වකරුවන් කරගැනීමේ ප්‍රතිපත්තිය සැකසීමට රුපියල් මිලියන 10ක්
* කාන්තා අභිවෘද්ධිය ඉලක්ක කරගත් වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 200ක්
* විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා සහන පොලියට නිවාස ණය යෝජනා ක්‍රමයක්
* වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අත්‍යවශ්‍ය වාහන 294ක් සහ සන්නිවේදන උපකරණ ලබා ගැනීමට අනුමැතිය
* අලි වැට අධීක්ෂණය සඳහා විශේෂ පුහුණුවක් සහිත සිවිල් ආරක්ෂක සේවා නිලධාරීන් 5,000ක්
* අලි ඇතුන් සඳහා ආහාර සහ ජල මූලාශ්‍ර වෙනුවෙන් රුපියල් මිලියන 80ක්
* විදුලි වැට ඉදිකිරීම සම්පූර්ණ කිරීමට තවත් රුපියල් මිලියන 1,000ක්
* අලි මිනිස් ගැටුමට දිගු කාලීන විසඳුම් සොයා ගැනීමට රුපියල් මිලියන 10ක්
* නාට්‍ය, රංග කලාව සහ සාහිත්‍ය ප්‍රවර්ධනයට තවත් රුපියල් මිලියන 50ක්
* ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරීනැමීමට රුපියල් මිලියන 100ක්
* ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීමට අමතර රුපියල් මිලියන 800ක්
* ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා සහභාගී වන ක්‍රීඩකයින්ගේ පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 1,163ක්
* උතුරු සහ නැගෙනහිර ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනයට රුපියල් මිලියන 150ක්
* නිෂ්පාදන සමූපකාර සමිති ගොඩනැගීම සහ තරුණ ව්‍යවසායකයින් නිර්මාණය වෙනුවෙන් රුපියල් මිලියන 500ක්
* ලොකු ලූනු, අර්තාපල් සහ බඩඉරිඟු මිල යාන්ත්‍රණය ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 1,000ක්
* දඹුල්ල ශීතාගාර කෘෂි ගබඩාව ඵලදායීව යොදා ගැනීමට අවධානය
* සුහුරු වාරිමාර්ග ක්‍රම 400ක් සඳහා රුපියල් මිලියන 4,000ක් 2026 වසරේ – වාරිමාර්ග ක්‍රම 100ක්
* 2030 වසර වනවිට කිරි අවශ්‍යතාවයෙන් 75%ක් දේශීය සපුරා ගැනීමේ ඉලක්කයක්
* මිල්කෝ කර්මාන්ත ශාලාවේ ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් මිලියන 3,000ක්
* උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව වෙනුවෙන් රුපියල් මිලියන 600ක්
* අක්කර 5ට අඩු පොල් ඉඩම් හිමියන් දිරි ගැන්වීමට රුපියල් මිලියන 2,500ක්
* ධීවර වරායන්වල පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් මිලියන 300ක්
* ධීවරයින්ගේ ආරක්ෂාව ඉහළ නැංවීමට නවීන තාක්ෂණය ලබාදීම සඳහා රුපියල් මිලියන 350ක්
* ධීවරයින්ට ජීවිතාරක්ෂක උපකරණ ලබාදීමට රුපියල් මිලියන 100ක්
* මත්ස්‍ය බිම් තොරතුරු ධීවර ප්‍රජාව වෙත ලබාදීමට රුපියල් මිලියන 100ක්
* සමුද්‍ර ජෛව තාක්ෂණය සහ මුහුදු පත්ල සම්පත් සංවර්ධනයට රුපියල් මිලියන 100ක්
* වාරි කර්මාන්තය නගාසිටුවීමට රුපියල් මිලියන 91,700ක්
* පහළ මල්වතු ඔය බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියට රුපියල් මිලියන 5,000ක්
* වැව් 650ක් සහ ඇළ මාර්ග කිලෝමීටර 350ක් පමණ ප්‍රතිසංස්කරණයට පියවර
* කොළඹ ඇතුළු නාගරික ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 250ක්
* ගංවතුර කළමනාකරණය අධ්‍යයනයට රුපියල් මිලියන 500ක්
* නිල්වලා ලවණ බාධකය ආශ්‍රිත ගැටලුවට විසඳුම් ක්‍රියාත්මක කිරීමට රුපියල් මිලියන 1,000ක්
* නිල්වලා ගංවතුරෙන් හානිවූ කුඹුරු ඉඩම්වලට වන්දි ගෙවීමට රුපියල් මිලියන 1,200ක්
* මඩකලපුව ගංවතුර පාලනය සඳහා රුපියල් මිලියන 500ක්
* පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධනය සඳහා රුපියල් මිලියන 85,700ක්
* දිස්ත්‍රික්ක කිහිපයක ජල ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 1,000ක්
* බදු පදනම පුළුල් කිරීමේ අරමුණින් වාර්ෂික පිරිවැටුම් සීමාව වැට් සහ SSCL සඳහා රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 36 දක්වා අඩු කරයි
* ආනයනය කරන ලද පොල්තෙල් සහ පාම් ඔයිල් මත දැනට පනවා ඇති කිලෝග්‍රෑමයකට රුපියල් 150 සහ රුපියල් 275 යන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට වැට් සහ SSCL පැනවීමට නියමිතයි
* ආනයනය කරන ලද රෙදිපිළි සඳහා අය කරන ලද කිලෝග්‍රෑමයකට රුපියල් 100ක සෙස් බද්ද ඉවත් කරනු ලබනවා – දේශීයව නිෂ්පාදනය කරන රෙදිපිළි වලට සමානව වැට් පැනවීමට නියමිතයි
* වාහන ආනයනය කිරීමේදී හෝ නිෂ්පාදනය කර විකිණීමේදී සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අය කිරීමට නියමිතයි
* ජාතික තීරුබදු ප්‍රතිපත්තියට අනුකූලව දැනට පවතින 0%, 15%, 20% ආනයන තීරුබදු අනුපාත 0%, 10%, 20%, 30% ලෙස සංශෝධනය කර තිබෙනවා
* මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 66,150ක්
* මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ලෙස පොතුහැර – රඹුක්කන – ගලගෙදර කොටසේ වැඩ කටයුතු 2027 වසරේ පළමු කාර්තුව වන විට අවසන් කිරීමට අපේක්ෂිතයි – ඒ සඳහා රුපියල් බිලියන 10.5ක්
* රඹුක්කන – ගලගෙදර කොටස සඳහා දේශීය අරමුදල් යොදා ගනිමින් අමතර රුපියල් බිලියන 20ක් යෝජනා කර තිබෙනවා
* කුරුණෑගල – දඹුල්ල අධිවේගී මාර්ගය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් බිලියනයක් වෙන් කර තිබෙනවා
* රුවන්පුර අධිවේගී මාර්ගය – කහතුඩුව – ඉංගිරිය කොටස සඳහා ශක්‍යතා තක්සේරුව නැවත ආරම්භ කර ඇති අතර, ඉඩම් අත්පත් කර ගැනීම සඳහා රුපියල් බිලියන 1.5ක්
* වරාය නගරය සහ මැරීන් ඩ්‍රයිව් මාර්ගය සම්බන්ධ කිරීම සඳහා රුපියල් මිලියන 330ක් වෙන් කර තිබෙනවා – මෙය ගාලු මුවදොර සහ නෙළුම් වටරවුම අවට කොළඹ නගරයේ රථවාහන ප්‍රවාහය වැඩි දියුණු කිරීමට උපකාරී වෙනවා
* කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීමට රුපියල් මිලියන 67,200ක්
* දුර ගමන් සේවා බස්රථ 600ක් ලංගමට එක් කිරීමට රුපියල් මිලියන 3,600ක්
* ලංගම ඩිපෝ සඳහා අවශ්‍ය නව උපකරණ සපයා ගැනීමට රුපියල් මිලියන 790ක්
* ග්‍රාමීය ප්‍රදේශවල බස්රථ ධාවනය විධිමත් කිරීමට රුපියල් මිලියන 2,000ක අතිරේක ප්‍රතිපාදන
* මහා මාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 342,000ක්
* කටුගස්තොට – ගලගෙදර මාර්ග කොටස පුළුල් කිරීමේ අධ්‍යයන කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම්
* මාර්ග අනතුරු අවම කිරීමේ වැඩසටහන් සඳහා අමතර රුපියල් මිලියන 1,000ක්
* රාජ්‍ය අංශයේ වැටුප වැඩිවීමේ දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට රුපියල් බිලියන 110ක්
* මන්නාරම අදියර 1 පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඒකකයට ඩොලර් ශත 4.65ක මිලකට ප්‍රදානය කළා
* 2020ට පෙර විශ්‍රාම ලැබුවන්ගේ වැටුප් ව්‍යුහය 2019 වසර මත පදනම්ව සංශෝධනයට පියවර
* රාජ්‍ය සේවකයින්ට ලබාදුන් දේපළ ණය යෝජනා ක්‍රමය ලක්ෂ 50ක් දක්වා ඉහළට
* අග්‍රහාර යෝජනා ක්‍රමයේ සෞඛ්‍ය ප්‍රතිලාභ පුළුල් කිරීමට පියවර
* රාජ්‍ය සේවක පොලී රහිත උත්සව අත්තිකාරම් දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළට
* රාජ්‍ය සේවක ආපදා ණය අත්තිකාරම් ලබා ගැනීමේ ගිණුම් සීමාව වෙනුවෙන් රුපියල් මිලියන 10,000ක්
* දුෂ්කර පාසැල්වල ගුරුවරුන්ගේ දීමනාව රුපියල් 1,500කින් ඉහළට
* දුෂ්කර පාසැල්වල විදුහල්පති දීමනාවත් රුපියල් 1,500කින් ඉහළට
* අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටුකරුවන්ගේ දීමනාව රුපියල් 15,000 දක්වා වැඩිකිරීමට පියවර
* ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ පූර්ණ රාජ්‍ය සතු සමාගම් 4ක් ස්ථාපිත කළා
* මාස 6කට වැඩි කාලයක් සේවයේ නියුතු තාවකාලික, අනියම්, ආදේශක සේවක පත්වීම් ස්ථීර කරනවා
* 2025 – 2044 දිගු කාලීන ජනන සැලැස්ම අනුව ඉදිරි දශකය තුළ විදුලිබල අවශ්‍යතාවය 60%කින් ඉහළට
* රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහ නවීන බදු ක්‍රමයක් ගොඩනැගීම
* බලශක්ති පරිවර්තන පනත ලබන වසර තුළ ගෙන එනවා
* ඌන උපයෝජිත ගොඩනැගිලි 2,700කට වැඩි ගණනක් ඵලදායී ලෙස යොදා ගැනීමට සැලැස්මක්
* ඉදිරි වසරේදී කොළඹ වරායේ ධාරිතාව වැඩි කිරීමට පියවර
* ප්‍රදාන ඇතුළුව රජයේ ආදායම 2025 වසරේ මුල් මාස 9 තුළ රුපියල් බිලියන 3,800 දක්වා ඉහළට
* වරාය මෙහෙයුම් ඩිජිටල්කරණය සහ ස්වයංක්‍රීය පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර
* ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ දෙවැනි අදියර ලබන වසර මුලදී ආරම්භ කරනවා
* 2026 වසරේ සිට නගර සංවර්ධන ක්‍රියාවලි විධිමත් කිරීමට රුපියල් මිලියන 2,000ක්
* මාතලේ සහ හැටන් නගරවල තදබදය අඩු කිරීම සඳහා රුපියල් මිලියන 500ක්
* රත්නපුර පැරණි නගරයේ රජයේ නිල නිවාස නව නගර ප්‍රදේශයට ගෙනයාමට රුපියල් මිලියන 500ක්
* පළාත් පාලන කසළ කළමනාකරණ පහසුකම් වැඩිදියුණුවට රුපියල් මිලියන 8,000ක යන්ත්‍රෝපකරණ 700ක්
* ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා රුපියල් මිලියන 900ක්
* පළාත් පාලන ආයතනවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ ආදායම් උත්පාදනය සඳහා රුපියල් මිලියන 2,500ක්
* වීදි සුනඛයින්ගේ සහ සුරතල් සතුන්ගේ රැකවරණය වෙනුවෙන් රුපියල් මිලියන 100ක්
* 2026 වසරේ නව නිවාස 27,000ක වැඩ අවසන් කිරීමට අපේක්ෂිතයි
* අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් 2026 වසරේ නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා අමතර මිලියන 3,000ක්
* නාගරික වතු නිවාස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 15,000ක්
* කැලණිවැලි දුම්රිය මාර්ගයේ අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට රුපියල් මිලියන 840ක්
* ස්වභාවික ව්‍යසන නිසා අවතැන් වූ පවුල් 1,200කට නිවාස ඉදි කිරීමට අමතර රුපියල් මිලියන 2,000ක්
* යුද්ධය හේතුවෙන් කිසිදු නිවාස හිමිකමක් නොමැති පවුල් සඳහා නිවාස 2,500ක් ඉදිකිරීමට රුපියල් මිලියන 5,000ක්
2026 වසරේ අයවැය යෝජනා

