2026 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (08) පාර්ලිමේන්තුවේදී ආරම්භ වේ.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
තෙවන වර කියවීමේ (කාරක සභා) විවාදය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 5 දක්වා දිවෙන අතර, අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 5 වන දින පස්වරු 6.00ට සිදු කෙරේ.
2026 අයවැය ඊයේ (07) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, ඒ සඳහා පැය 4කට අධික කාලයක් වැයවිය.
2026 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වෙයි

