Tuesday, February 17, 2026
Homeදේශීය2026 නව වසරට ජනපතිගෙන් සහ අග්‍රාමාත්‍යවරියෙන් සුභාශිංසන 

2026 නව වසරට ජනපතිගෙන් සහ අග්‍රාමාත්‍යවරියෙන් සුභාශිංසන 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2026 නව වසර උදා වෙනු පිළිබඳව සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරයි.
ඔහු පවසන්නේ නව වසර පා තබන්නේ රටක් ලෙස එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ රට යළි ගොඩනැගීමේ දැවැන්ත කාර්ය භාරය දෙවර දරාගත් ජාතියක් ලෙසිනි.

ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ 2025 වසර ජාතික අභිලාශ මත පදනම් වූ තිරසාර සංවර්ධනයේ අඩිතාලම සකස් කළ වසරක් බවයි.
එම වසර තුළ 1977 වසරෙන් පසු අවම අයවැය හිඟයක් වාර්තා වීම, 2007 වසරට පසු වැඩිම රාජ්‍ය ආදායම සටහන් වීම, ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රාථමික ගිණුමට අතිරික්ත මුදල් තබා ගැනීම, භාණ්ඩ සහ සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවීම, සහ 2025 වසරේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ ප්‍රමාණය ඉහළ යෑම වැනි සුවිශේෂී ආර්ථික ජයග්‍රහණ රාජ්‍ය තත්ත්වයන් බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සිය සුභාශිංශන පණිවිඩයේදී අභියෝග රැසක් මධ්‍යයේදී වුවද, රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙලට හා තිරසාර සංවර්ධනයට තීරනාත්මක ඉදිරි පියවරයක් ගන්නා ලෙස සියලු පුරවැසියන්ට සහෝදරත්වයෙන් එක්ව කටයුතු කරන ලෙස ආරාධනා කළේය.
එමෙන්ම නව වසර සියලු යහ පැතුම් ඉටු වන ජයග්‍රාහී වසරක් වේවා යැයි ඔහුසුභපැතුම් පළ කළේය.

මේ අතර අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියද 2025 වසරේදී අප මුහුණදුන් සියලු අභියෝග ශක්තියක් බවට පත් කරගනිමින් 2026 වසර වෙත නව ජවයක් හා අපේක්ෂාවකින් යුතුව පියවර තැබීමට කැමැත්ත පල කළාය.

අග්‍රාමාත්‍යවරිය පවසන්නේ 2025 වසර ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් ගත් වසරක් බවට සැලකිය හැකි බවත්, නව දේශපාලන සංස්කෘතියක් මත රාජ්‍ය යහපාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර රාජ්‍ය සේවාවක් උදෙසා අඩිතාලම සැකසීමටත් පුළුවන් වූ බවත් ය.

RELATED ARTICLES

Most Popular

Recent Comments