2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරයේ පළමු අදියර සඳහා සියලුම පාසල් හෙට (05) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ අනුව රජයේ, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන් හෙට දිනයේ සිට අධ්‍යයන කටයුතු සඳහා විවෘත කෙරේ.
2026 අධ්‍යයන වර්ෂයේ පළමු වාරය, පසුගිය දෙසැම්බර් මස 9 වනදා නිකුත් කළ අමාත්‍යංශ චක්‍රලේඛය අනුව ක්‍රියාත්මක වන බවද සඳහන් වේ.
මේ අතර, සිංහල හා දෙමළ පාසල් සඳහා 2025 අධ්‍යයන වර්ෂය පසුගිය දෙසැම්බර් 22 වනදා අවසන් කළ අතර, මුස්ලිම් පාසල් සඳහා එය දෙසැම්බර් 26 වනදා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණි.

