Thursday, October 23, 2025
Homeදේශීය2026 සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාව ක්‍රියාත්මක වේ

2026 සිට සියලුම පෙරපාසල් සඳහා එකම විෂයමාලාව ක්‍රියාත්මක වේ

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ (22) පාර්ලිමේන්තුවේ රැස් විය.

ඊයේ රැස්වීමේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, 2026 වසරේ සිට දිවයින පුරා සියලු පෙරපාසල් සඳහා එකම විෂයමාලාව ක්‍රියාත්මක කරන බවයි.

පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් වී ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිතය.

සෑම පළාතකම මෙම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, නව විෂයමාලා රාමුවට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇත.

අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ, පාසල් කිසිවක් නොවසන බවත්, පාසල් ඒකාබද්ධ කර සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවත්ය.

මෙම පියවර, අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සංවර්ධනය සහ සැමට සම අවස්ථා සලසීමේ අරමුණක් සඳහා වන බවද අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Most Popular

Recent Comments