Thursday, April 2, 2026
Homeසියලුම පුවත්2026 අතරමැදි ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ දැනුම්දීම

2026 අතරමැදි ශ්‍රේණි සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ දැනුම්දීම

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය 2026 වර්ෂයේ අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධ චක්‍රලේඛයක් (09/2026) නිකුත් කර ඇත.
5 සහ 6 ශ්‍රේණි හැර, අනෙකුත් ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කෙරේ.
2026.01.31 දිනට ජාතික පාසල්වල පවතින පුරප්පාඩු අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇත.
අයදුම්කරුවන් සියලු අයදුම්පත්‍ර සහ අතිරේක ලේඛන 2026.04.27 දිනට පෙර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතුය.

RELATED ARTICLES

Most Popular

Recent Comments