Tuesday, February 17, 2026
Homeදේශීය2026 අයවැය හෙට පාර්ලිමේන්තුවට

2026 අයවැය හෙට පාර්ලිමේන්තුවට

වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන 2026 වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතේ (අයවැය) දෙවන වර කියවීම හෙට (07) දිනයේ සිදුකිරීමට නියමිතය.

මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය කතාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනු ඇත.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 8 සිට දින 6ක් පුරා පැවැත්වීමට නියමිත අතර, ඡන්ද විමසීම නොවැම්බර් 14 වන සිකුරාදා පස්වරු 6.00ට සිදුකෙරේ.

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර, තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 5 වන දින පස්වරු 6.00ට සිදුකෙරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments