Homeසියලුම පුවත්2027 අයවැයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය අඩු කිරීමේ ඉලක්ක තහවුරු කර ඇති...

2027 අයවැයෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය අඩු කිරීමේ ඉලක්ක තහවුරු කර ඇති බව ෆිච් රේටින්ග්ස් පවසයි

රාජ්‍ය ආයෝජන සහ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු සිදුකරන ප්‍රතිසංස්කරණ සඳහා වෙන්කර ඇති වියදම් ඉහළ ගොස් තිබුණද, 2027 අයවැය මගින් මූල්‍ය විනය පවත්වාගෙන යාම සහ රාජ්‍ය ණය අඩු කිරීමේ ඉලක්ක තහවුරු කර ඇති බව ජාත්‍යන්තර ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.2026 වසරේදී ශ්‍රී ලංකාව මූල්‍ය ඉලක්ක සැලකිය යුතු ලෙස ඉක්මවා යාම සහ රාජ්‍ය ණය අඩු කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම සැලකිල්ලට ගනිමින්, පසුගිය සැප්තැම්බර් මාසයේදී ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට ණය ශ්‍රේණිගත කිරීම CCC+ සිට B- දක්වා ඉහළ නැංවීමට කටයුතු කර තිබුණි.2026 වසරේ රාජ්‍ය ආදායම් වර්ධනයත් සමඟ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.6%ක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වාර්තා වී ඇති බව සඳහන් වේ. එය මීට පෙර අපේක්ෂා කළ 2.5%ක ඉලක්කය ඉක්මවා යාමකි.2027 වසර සඳහා ප්‍රාථමික අතිරික්ත ඉලක්කය 2.3%ක් ලෙසත්, අයවැය පරතරය 4.5%ක් ලෙසත් ඇස්තමේන්තු කර තිබේ.මෙම ඉලක්ක සහ වියදම් ඉහළ යාම තිබියදීත්, රටේ රාජ්‍ය ණය ප්‍රමාණය අඩු කරගැනීමේ ඉදිරි මාවතට එම අයවැය අනුකූල වන බව ෆිච් රේටින්ග්ස් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments