2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ.ඒ අනුව, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස නිදහස් කළ ක්‍රීඩකයින් අතරට අයත් වෙති.කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන දසුන් ශානක, ඒෂාන් මාලිංග සහ නුවන් තුෂාර තවදුරටත් ඔවුන් නියෝජනය කරන IPL කණ්ඩායම්වල රඳවා ගැනීමට තීරණය කර තිබේ.ඒ අනුව,- දසුන් ශානක – රාජස්ථාන් රෝයල්ස්- ඒෂාන් මාලිංග – සන්රයිසස් හයිද්‍රාබාද්- නුවන් තුෂාර – රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්යන කණ්ඩායම් විසින් එම ක්‍රීඩකයින් රඳවාගෙන ඇත.මෙම තීරණ අනුව, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකුට 2027 IPL තරගාවලියට එක්වීම සඳහා ඉදිරි වෙන්දේසියට මුහුණ දීමට සිදුවනු ඇත.

