විපක්ෂය විසින් රජයට එරෙහිව සංවිධානය කර ඇති ජාතික ජන බලවේගයේ මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා අමතකමින් හමුවී ඇත.
අද (15) පෙරවරුවේ පැවති මෙම හමුවීම් සදහා අදහස් දක්වමින් සුමන්තිරන් මහතා පෙන්වා දුන්නේ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු අත්‍යවශ්‍ය කාරණයක් බවයි.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පළාත් පාලන ආයතන ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම මැතිවරණය පැවැත්වීම අත්‍යවශ්‍ය බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද පෙන්වා දුන්නේ, විපක්ෂයේ ප්‍රධාන පක්ෂවලින් එකක් වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය රැලිය පිළිබඳව දැනුවත් කරවා ගැනීම වැදගත් බවයි.
21 රැලිය ගැන නාමල් – සුමන්තිරන් හමුවක්

